මට පසුගිය දිනක මගේ Face Book සහෘදයෙකු වන දිනේෂ් ජයරුවන් දුර කථන ඇමතීමක් දී මගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදාගන්නා පත්‍රිකා ඇත්නම්, ඒවා ඔහුට ලැබුනොත්, ඔහුගේ මිතුරන් සහ නෑදෑයින් අතරේ බෙදා දී සහයෝගය ලබා දිය හැකියි කීවා. ඊට දින දෙකකට පමණ පසු මගේ නෑදෑයින් කිහිපදෙනෙකු මුණ ගැසීමට තෙබුවනට ගොස් ආපසු එනවිට මට එය මතක් වුනා. මම නාර්තුපානින් හැරී කරන්නාගොඩට ගොස් ඔහු හමුවී මගේ මැතිවරණ ව්‍යාපාරයට අදාල පත්‍රිකා ඔහුට ලබා දුන්නා.

ඊට දින දෙකකට පසු දිනේෂ් මට කතා කර ඇසුවා ජුලි 22 දින සවස 7.30 ට පමණ සාකච්ඡාවක් සුදානම් කලහැකියි, පැමිණිය හැකිදැයි කියා. මම එකඟ වුනා. අපි හරියටම 7.33 ට ඔහුගේ නිවසට ලඟා වුනා. අපිට ලැබුනේ ඉතා උණුසුම් පිළිගැනීමක්.
මා බලාපොරොත්තු වුවේ කුඩා සාකච්ඡාවක්. නමුත් 60 දෙනෙක් පමණ එහි රැස්ව සිටියා. අපි පැය 1 1/2 ක පමණ හොඳ සාකච්ඡාවක් කලා. ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබුනා. සාකච්ඡාව අවසානයේදී ඔවුන්ගේ දෑස්වල දිස්වූ බලාපාරොත්තු සමග කැටිවූ ලෙන්ගතුකම මට අපමණ සතුටක් ගෙන දුන්නා.

දිනේෂ්ගේ පවුලේ තාත්තා සහ සහෝදරයින් මුණගැසුනා. අපි පිටත් වනවිට කෙනෙකු ඇසුවා අපි පාර්ලිමේන්තුවට ගියොත් ගෝඨාභය මහතාට විරුද්ධවනවාද කියා මා ඔහුට කිවා අපි සහතික වෙනවා කියා රටට ජනතාවට හිතකර කිසිම දේකට විරුද්ධ නොවන බවත් රටට අහිතකර සියළු දේට අපේ ස්ථාවරය හෙළිකර විරුද්ධවන බවත්. එලෙසම අපට කිසිම කෙනෙක් පිළිබඳව පෞද්ගලික ගැටළු නැති බවත්, ඇත්තේ ප්‍රතිපත්තිමය වෙනස්කම් පමණක් බවත් ම ඔහුට කීවා.

ඉතාම සාර්ථක සාකච්ඡාවක්. දිනේෂ් ඔබට බෙහෙවින්ම ස්තුතියි !


ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ
ජාතික ජන බලවේගය, කළුතර දිස්ත්‍රික්කය (මාලිමාව – අංක 9)

Leave a Reply