නොදැනුවත් අයට, අපේ තාත්තා

සැමදා දෙශපාලනික වු මාහට වසර 36ක් වෙනතෙක් දෙශපාලනය ගැන වදනක් කථා නොකල අපේ තාත්තා.

අද සෘජු දේශපාලනයට අවතීරණය වී ඇත. අදටත් අප අතර ගැඹුරු දේශපාලනික සාකච්ඡාවක් නොමැති තරම්ය.

නමුත් මා දැන් ඔහුගේ දෙශපාලනය තෙරුම් ගනිම්න් සිටිනනේ අතිත ආවර්ජනයක් සමගින. ඔහු සමාජ වෙනසක් කිරීමට ප්‍රජා සෞඛ්‍ය තෝරාගෙන ඇත.. ඒ නිසා මා ඉපදීමේ සිට මගේ මව දුශ්කර ගම්මාන වල ජීවත් වී ඇත ඒ ඔහුගේ දෙශපාලන තෙරීමයි.

වෛද්‍ය වරයකුගේ පුතෙකු ලෙස මා ලගම පාසලට ගොස් දී ඇති අවම අවස්තාවෙන් උපරිම ඵල ලබා ඇත ඒ ඔහුගේ දේශපාලනික තීරණයි.

ඔහු සැමදා 6 වන විට ගෙදර පැමිනියේ ප්‍රතිපත්තියක් ලෙස private practice නොකල නිසා වෙනි.. ඒ ඔහුගේ දේශපාලනයි..

ඔහුගේ වෛද්‍ය වෘතියේ අවුරුදු 13 කට පසු පමාවී හෝ අපට කියා නිවසක් ණය ට ගන්නේත්, අවුරුදු 15 කට පසු 13ශ්‍රී පරණ නිසාන් වැගන් රථය මිලදී ගන්නේත් ඔහුගේ දේශපාලනයයි..

ඔහු සැම සතියකම පත්තර කියවන්නේත්, නන්දා මාලනී කපුගේ සින්දු අහන්නේත් ඔහුගේ දේශපාලනයයි…

ඔහුගේ උසස් අද්‍යාපනයට පසු අපට එංගලන්තයේ ජීවත් විමට තිබූ අවස්ථාව අප හඩා වැටෙන විට අතහරින්නේද ඔහුගේ දේශපාලනයයි…

සතියකට එක දිනක් හෝ දන්නා හදුනන කෙනෙක් හෝ නෑදෑයෙක් නිහාල් අයියා සොයා ගුරුහරුකම් ගන්න එන්නේද ඔහුගේ දේශපාලනයයි..

සුනාමියට පසු වසංගත තර්ජනයෙන් මුලු රටම බේරාගන්නේ ද ඔහුගේ නායකත්වය සහ දේශපාලනයයි..

රාජ්‍ය ආයතනයක ප්‍රාධානියකු ලෙස උදේ 7 30ට සැමට කලින් රැකියාවට වාර්තාකරන්නේද, කිසිදු අයතා ගනුදෙනුවකට හිස නොනමන්නේද ඔහුගේ දෙශපාලනයයි..

මගේ සහ මාගේ සොහොයුරාගේ හෝ මගේ මවගේ කිසිම තෙරීමකට අද වෙන තුරු විරුද්ධ නොවන්නේද ඔහුගේ දේශපාලනයි..

ගැටලු ඇති වූ විට නිහඩව සිට ඒ නිහැඩියාව තුල අදික වේදනාවක් අපට ලාබාදෙමින් නිසොල්මනේ සිටින්නේද ඔහුගේ දේශපාලනයයි..

නොදැනුවත්වම අප නිවැරැදි අධ්‍යාපනික තීරන වලට යොමුකරන්නේද ඔහුගේ දේශපාලනයයි…

මාගේ පලුමු රැකියාවේ පඩියට වඩා රු 15,000 පඩියට 27ත් වෙනි වසරටත් රාජ්‍ය සෙවයට වාර්තාකරමින්, නිදහස් අධ්‍යාපනයේ සමාජ වගකීම රකින්නේද ඔහුගේ දෙශපාලනයයි.

දේශපාලනය යනු ජීවන හර පද්දතින් ප්‍රතිපත්ති සහ යුක්තිය වෙනුවෙන් සිටගැනීම බව වචනයකුත් නොකියා ක්‍රියාවෙන් මට උගන්වා ඇත්තේ මාගේ පියාය.

දේශපාලන යනු ඔබ දකින දෙය නොවෙ එය පරාථයෙන් පිරුනු, ඔබ කිසිවෙකුත් විශ්වාස නොකරන තරමටම ක්‍රියාවෙන් ඔප්පු කල යුතු අතීශය අමාරු දෙයක් බව මා පුද්ගලිකව දනී.

අද ඔහු ඒ සියල්ල සපුරා ඔබ දකිනා මනාප දේශපාලනයට පැමිණ ඇත. ඒ පුද්ගලිකත්වයෙන් ඔබ්බට ඔහුට කල හැකි උපරිමය යුක්තිගරුක සමාජ ප්‍රගමනයට දායක කිරීමටය.


චතුරංග අබේසිංහ

Leave a Reply